නීතිපතිවරයා ඇතුළු පාර්ශව 3කට නොතීසි

Monday, 25 September 2017 - 14:03

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%80+3%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
නීතිපතිවරයා, කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට සහ මරදාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලබන මස 02 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරුණා.

ඒ, දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති අයඳුම්පත අද කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

එම ඇප අයදුම්පතේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, කොළඹ අපරාධ කොට්ඨාශය සහ මරදාන පොලීසිය නම් කර තිබෙනවා.

මේ වන විට රයන් ජයලත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් කඩා වැදී එහි දේපල වලට හානි කිරීමේ චෝදනාව යටතේයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories