එල්.ටී.ටී.ඊ සමයේ ගුවන් යානා නාශක පතුරම් ළිං පතුලකින් මතුවෙයි (ඡායාරූප)

Tuesday, 26 September 2017 - 11:03

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B7%85%E0%B7%92%E0%B6%82+%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය, කන්කසන්තුරය මයිලිඩි ප්‍රදේශයේ පැරණි ළිදක තිබී ගුවන් යානා නාශක පතුරම් 5700 ක් සහිත පතුරම් පෙට්ටි 67 ක් ඊයේ(25)සොයාගත් බව කසන්කසන්තුරය පොලිසිය පවසනවා.

කන්කසන්තුරය පොලිසිය පැවසූවේ පැරණි ළිදක් පිරිසිදු කිරීමේදී අදාළ පතුරම් පෙට්ටි හමුවී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ පතුරම් සහිත පෙට්ටි ගොඩගෙන තිබෙනවා.

මයිලිටි ධීවර වරාය ඇතුළු ප්‍රදේශය පසුගියදා සිවිල් ජනතාව වෙත නිදහස් කරනු ලැබුවා.

පලාලි ගුවන් හමුදා කදවුර ආසන්න ප්‍රදේශයේ මයිලිටි පිහිටා ඇති අතර, යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් පලාලි ගුවන් පථයෙන් පිටත්වන ගුවන් යානා වෙනුවෙන් පහරදීමේ සුදානමකින් අදාළ පතුරම් තොගය රැගෙන එන්නට ඇති බව ආරක්ෂක අංශ සැකපළ කරනවා.

කන්කසන්තුරය පොලිසිය පැවසූවේ අදාළ ළිද තුළ තවත් පතුරම් පවතින්නේද යන්න සම්බන්ධයෙන් අද(26) දිනයේදී ද වැඩිදුර පරීක්ෂා කිරීමට නියමිත බවයි.

සොයාගත් පතුරම් තොගය යාපනය,මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ බෝම්බ නිශ්ක්‍රීය අංශ වෙත ලබාදීමට නියමිත බවද පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කන්කසන්තුරය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.



වව්නියාව - මාධව කුලසූරිය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories