බණ්ඩාරනායක ගුණානුස්මරණය ජනපති ප්‍රධානත්වයෙන්

Tuesday, 26 September 2017 - 12:50

%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ 58 වන ගුණානුස්මරණය අදට යෙදී තිබෙනවා.

ඒ නිමිත්තෙන් හොරගොල්ල - බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීම පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.

ඒ හා සමගාමීව ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායකගේ සහ අභාවප්‍රාප්ත හිටපු කථානායක අනුර බණ්ඩාරනායකගේ ද ගුණ සිහි කරනු ලැබුවා.

එම අවස්ථාවට හිටපු ජනාධිපතිණී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු පවුලේ ඥාතීන් සහ මැති ඇමතිවරු එක්ව සිටියා.

සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ අද පෙරවරුවේ උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටවනු ලැබුවේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් විසින්.

මෙම ගුණානුස්මරණ උත්සවයේ අනුශාසනාව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් විසින් පවත්වනු ලැබුවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories