පළාත්පාලන ආඥා පනත් සංශෝධනය කෙරෙන, පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට

Tuesday, 26 September 2017 - 15:06

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%A5%E0%B7%8F+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%2C+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහානගර සභා, නගර සභා සංශෝධිත ආඥා පනත් සහ ප්‍රාදේශිය සභා සංශෝධන පනත් කෙටුම්පත් පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අද පාර්ලිමේන්තුව විශේෂ සභා වාරයක් ලෙස රැස්වූ අතර, අදාළ පනත් කෙටුම්පත් ලබන 9 වනදා විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර පළාත් සභා ජන්ද විමසිමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමේ ක්‍රියාමාර්ගය ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග නීතිඥ සංගමය ඉල්ලා ඇති සාකච්ජාව පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කළා.

ඊට අග්‍රාමාත්‍යවරයා පිලිතුරු ලබාදුන් අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර කුමාර දිසානායක, විමල් විරවංශ, බන්දුල ගුණවර්ධන සංවාදයට මැදිහත් වෙමින් අදහස් පළ කළා.

එසේම සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර පනත යටතේ වු නියෝගයන් පිළිබද පැවති විවාදයේදි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අදහස් දක්වන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මැදිහත් වීමත් සමඟ ඇතිවුණේ උණුසුම් සංවාදයක්.

එහිදි දෙදෙනාගේම මයික්‍රෆෝනයන් එකවර ක්‍රියාත්මක වීම පිළිබඳ ඒ මොහොතේ මුලාසනයේ සිටි බිමල් රත්නායක මන්ත්‍රීවරයාගේද අවධානය යොමුවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories