5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර් 05

Tuesday, 26 September 2017 - 17:20

5+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+05
පසුගිය අගෝස්තු මස පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල එළබෙන ඔක්තෝබර් 05 වන දින නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව මගින් සියලු කටයුතු සුදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටියා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවෝ 356,000ක්‌ පමණ පෙනී සිටියා.

පාසල් මට්ටමින් පැවැත්වෙන තරඟ විභාගවල ප්‍රතිඵල ප්‍රමාද වීම නිසා සිසු දරුවන් මුහුණපාන ගැටළු දෙස අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, වසරේ නිශ්චිත කාලසටහනකට අනුව ප්‍රධාන විභාගවලට අදාල ප්‍රතිඵල වසරේ නිශ්චිත දිනකදී නිකුත් කිරීමට විභාගකොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබුනා.

නිශ්චිත දිනකදී ප්‍රතිථල නිකුත් කිරීම මගින් පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පසු සමත් වන සිසුන්ට නව පාසල් සදහා කල් ඇතුව අයදුම් කිරීමත්, එමඅයදුම් කිරීම් වලට අදාල අභියාචනාවන් වෙතොත් ඒවා ඉදිරිපත් කිරීමත් සේම හය ශ්‍රේණියටඅදාලඅධ්‍යයන කටයුතු එළඹෙන වසරේජනවාරි මාසයේම ආරම්භ කිරීමටත් අවස්ථාව උදා වන බවයි අමාත්‍යංශය පවසන්නේ.

තවද, උසස් පෙළ හදාරන දරුවන්ට තම ප්‍රතිථල ප්‍රමාද වීම නිසා උසස් අධ්‍යාපන අවස්ථා සදහා යොමුවීමේදී මතුවූ ප්‍රයෝගික අපහසුතා මඟ හැරෙනවා.

එසේම ප්‍රමාද වී ප්‍රතිඵල නිකුත්වීම නිසා පාසල් සිසුන්ගේ වටිනා කාලය අපතේ යෑමද මෙම තීරණය අනුව වැළක්වී යනු ඇති.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වූ වහාම හැකි ඉක්මනින් උසස් පෙළ පන්තිආරම්භ කිරීමටත් උසස් පෙළ ප්‍රතිඵල හැකි ඉක්මනින් නිකුත්කොට විශ්වවිද්‍යාල ප්‍රවේශය කඩිනම් කිරීම සදහාත් අවශ්‍යකටයුතු සුදානම් කර ඇති බව සඳහන්.

මේ අනුව අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 වනදාත්, අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵලමාර්තු 28 වනදාත් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories