ගල්කිස්ස මංසන්දිය අසල දැඩි රථවාහන තදබදයක්

Tuesday, 26 September 2017 - 17:30

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගල්කිස්ස මංසන්දිය අසල උත්ඝෝෂණයක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා.

මේ අතර ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක රැඳී සිටි මියන්මාර ජාතිකයින් පිරිසක් අද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මියන්මාර රොහින්ග්‍යා සරණාගතයින් මෙම නිවසේ රැඳී සිටින බවට භික්ෂූන් වහන්සේලා පිරිසක් උද්ඝෝෂණයක නිරතවීමට උත්සාහ කිරීමේදී මොවුන් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

මොවුන් වීසා නොමැතිව කන්කසන්තුරේ ප්‍රදේශයේ රැඳී සිටියදී පොලීසිය අත්අඩංගුවට ගෙන පසුව ශ්‍රී ලංකාවේ සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

අනතුරුව මිරිහාන රැඳවුම් කදවුරේ රදවා තැබීමෙන් පසු එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම පිරිස ගල්කිස්සේ පිහිටි කුලී පදනම මත ලබාගත් නිවසක රදවා සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

පොලිස් භාරයට ගත් මෙම පිරිස රොහින්ග්‍යා වැසියන් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේවෙතත් අදාළ නිවසේ තවත් රොහින්ග්‍යා වැසියන් රැඳී සිටින බව පවසමින් පැමිණි පිරිස උද්ඝෝෂණයේ නිරත වුනා





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories