දසුන් නිශාන් දිවි නසා ගැනීමට පෙර ලියා තැබූ සංවේදී ලිපිය මෙන්න

Tuesday, 26 September 2017 - 18:02

%E0%B6%AF%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
නව පරපුරේ රංගන ශිල්පියෙකු වන දසුන් නිශාන්-  සිය දිවි හානි කර ගැනීමට පෙර ලියා තැබූ ලිපිය හිරු ප්‍රවෘත්ති වෙත ලැබී තිබෙනවා.

එය දින පොතක කොලයක ලියා ඇති අතර එහි ඇත්තේ වාක්‍ය දෙකක් පමණයි.

දිවි නසා ගැනීමේ සිද්ධිය  සම්බන්ධයෙන් පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු දුරකථන ඇමතුම් සහ අනෙකුත් තොරතුරු ඔස්සේ මෙම පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පිළියන්දල පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති  අංශයට සදහන් කළේ.

මීට අමතරව ඔහුගේ සිය දිවි නසා ගැනීම පිළිබදව මෙම සිද්ධියට පෙර ලියූ ලිපිය සහ පවුලේ ඥාතීන්ගෙන් මෙන්ම මිතුරන්ගෙන් ද ප්‍රකාශ මේ වන විට සටහන් කරගෙන තිබෙනවා.

මේ අතර, මිය ගිය රංගන ශිල්පි දසුන් නිශාන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ සිදුකෙරෙනවා.

 පන්නිපිටිය - පැලැන්වත්ත ප්‍රදේ්ශයේ නවාතැන්පළේ දී ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන සිටි රංගන ශිල්පී දසුන් නිශාන්ගේ සිරුර සොයා ගනු ලැබුවේ ඊයේ(25) දහවල් කාලයේදියි.

ඔහු සිය දිවි හානි කර ගන්නා ආකාරය තමන්ගේ ජංගම දුරකථනයෙන්ම වීඩියෝගත කර තිබීම ද විශේෂත්වයක්.

 සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දැරූ පළමු අවස්ථාවේදී එය ව්‍යර්ථ වී ඇති අතර ඉන් අනතුරුවයි ඔහු යළිත් වරක් ගෙළ වැළලාගෙන ඇත්තේ.

එම දර්ශන සම්පූර්ණයෙන්ම ඔහුගේ ජංගම දුරකථනයෙහි වීඩියෝ ගත වී තිබෙනවා.

සිය දිවි හානි කර ගන්නා අවස්ථාවේදී ඔහු පදිංචිව සිටි නවාතැන්පළෙහි මිතුරන් කිසිවෙකුත් එහි සිට නැහැ.

 සිය දිවි හානි කර ගැනීමට කිසිදු බාහිර පාර්ශවයකගේ බලපෑමක් නොමැති බවට ඔහු විසින් මියයෑමට පෙර ලියන ලද ලිපියේ සඳහන්.

නිට්ටඹුව - ගිංතොට ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියේ පසු වූ රංගන ශිල්පී දසුන් නිශාන් ටෙලිනාට්‍ය රැසකට සහ ගීත රූප රචනා සඳහා සිය දායකත්වය ලබාදී තිබෙනවා.

එමෙන්ම ඔහු පසුගිය දිනකදී විවාහ ගිවිස ගෙන ඇති බව ද සඳහන්.

අදාළ ලිපියේ දැක්වෙන්නේ

"දසුන් නිශාන් ද සිල්වා වන මාගේ සිය දිවි හානි කර ගැනීම මා විසින් මා මාගේ උවමනාවට සිදු කර ගන්නා නිසා මේ සඳහා කිසිම පුද්ගලයෙකු වගකීමට අවශ්‍ය නැත."

"මං මගේ මානසික පීඩනය දරා ගැනීමට නොහැකි නිසා මෙම තීරණය ගනිමි." යනුවෙන්











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories