කැරළි මර්දන ඒකකය ගල්කිස්සට - මියන්මාර ජාතිකයින් බූස්ස කඳවුරට

Tuesday, 26 September 2017 - 19:31

%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%85%E0%B7%92+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+-+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%96%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%A7
ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක රැදී සිටි මියන්මාර ජාතිකයින් 30 දෙනෙකුට ආසන්න පිරිසක් අද තම භාරයට ගනු ලැබුවේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා බව පොලීසිය පවසනවා.

මියන්මාර රොහින්ග්‍යා සරණාගතයින් මෙම නිවසේ රැදී සිටින බව පවසමින් භික්ෂූන් වහන්සේ පිරිසක් උද්ඝෝෂණයක නිරතවීමට උත්සාහ කිරීමේදී මෙම පිරිස පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

මෙම මියන්මාර ජාතිකයන් වීසා නොමැතිව කන්කසන්තුරේ ප්‍රදේශයේ රැදී සිටියදී පොලීසිය අත්අඩංගුවට ගෙන පසුව ශ්‍රී ලංකාවේ සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

අනතුරුව මිරිහාන රැදවුම් කදවුරේ රදවා තැබීමෙන් පසු එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ මැදිහත්වීමෙන් මෙම පිරිස ගල්කිස්සේ පිහිටි කුලී පදනම මත ලබාගත් නිවසක රදවා සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් අද උදෑසන පොලිස් භාරයට ගත් මෙම පිරිස අදාළ නිවස වෙත යලි රැගෙනවිත් තිබෙනවා.

අනතුරුවද එම ස්ථානයට පැමිණි භික්ෂූන් වහන්සේලා ඇතුලූ පිරිසක් ඊට විරෝධය දැක්වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

මේ හේතුවෙන් එම ස්ථානයට පොලිස් කැරළි මර්දන ඒකකයද කැඳවූ අතර, පසුව යළිත් අදාළ මියන්මාර ජාතිකයන් පිරිස පොලිස් භාරයට ගැනීමෙන් එම විරෝධතාව අවසන් වුණා.

මේ හේතුවෙන් ගල්කිස්ස ප්‍රදේශයෙන් ගාලූ පාරේ අද පස්වරුවේ දැඩි රථවාහන තදබදයක්ද හටගත්තා.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරලගෙන් කරුණු විමසූ අතර, ඊට පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශද මැදිහත් වුණා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පස්වරුවේ සදහන් කළේ මියන්මාර ජාතිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ගයන්ට අධිකරණ නියෝගයක් ලැබෙන තුරු ඔවුන් බූස්ස කඳවුර වෙත යැවීමට පියවර ගත් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories