හම්බන්තොට වරාය සේවකයින් වැඩ වර්ජනයක (ඡායාරූප)

Wednesday, 27 September 2017 - 10:57

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වරාය සේවකයින්ට චීන සමාගමක් යටතේ පවතින බහුජාතික සමාගමක සේවය කරන ලෙස බලපෑම් සිදු කරන බව පවසමින් හම්බන්තොට මාගම්පුර වරාය සේවකයින් අද එක්දින සංකේත වර්ජනයක නිරත වනවා.

ඔවුන් මේ වනවිට සේවයෙන් ඉවත් වී වරාය පිවිසුම අසල රැදී සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම ගැටලුව සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශය වර්ජනයේ නිරත සේවකයින්ට සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.

අද (27) පස්වරුවේ එම සාකච්ඡාව කම්කරු දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.



ඡායාරූප - අම්බලන්තොට, සනත් ගමගේ







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories