කුඩා දරුවෙකු ඝාතනය කර රහසිගතව භූමදානය කිරීම ගැන විමර්ශන

Wednesday, 27 September 2017 - 12:04

%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%80+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1
මන්නාරම - සිලාවතුර - අලකට්ටු ප්‍රදේශයේදී පහරදීමකින් මියගිය කුඩා දරුවෙකු රහසිගතව භූමදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ දිනයේදී මෙලෙස පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු එකයි මාස 9 ක් පමණ වයසැති සරුක් කේලස් නමැති කුඩා පිරිමි දරුවෙක්.

පහරදීමෙන් අනතුරුව දරුවාව මෙලෙස රහසිගතව භූමදානය කර ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලැබී තිබූ අතර ඒ අනුවයි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.

එම දරුවාගේ මවගේ අනියම් සැමියා මෙය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර සැකපිට ඔහු අත්අඩංගුවට ගැනුනා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories