මොරවකදී ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Thursday, 28 September 2017 - 8:53

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B7%80%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මොරවක - නෙළුව හතරේ කණුව මංසන්ධියේදී ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

මොහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වී ඇත්තේ අකුරැස්ස, ඌරුබොක්ක, කොස්මෝදර, පිටබැද්දර, හිනිඳුම, නෙළුව, ඉමදූව, යක්කලමුල්ල සහ තීනියාවල යන පොලිස් බල ප්‍රදේශවල තේ කර්මාන්තශාලා 19 කට රාත්‍රී කාලයේදී ඇතුලූවී මුදල් සොරාගෙන ඇති බවයි.

සැකකරු 34 හැවිරිදි ගාල්ල -  ඕපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories