බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට

Sunday, 01 October 2017 - 7:18

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%85%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බස්නාහිර පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අමල් සිල්වා නීතිවිරෝධී ලෙස ජීව උණ්ඩ 3 ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් ඊයේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පසුගියදා හෙරොයින් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

එහිදී අනාවරණ වූ කරුණු මත පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ජීව උණ්ඩ සමග අත්අඩංගුවට ගනු ලැබූ බවයි ගල්කිස්ස පොලීසිය සඳහන් කළේ.

ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories