ළමා දිනයට පුහුණුවක යෙදුන ගුරුවරිය නටද්දී ඇද වැටී මියයයි

Monday, 02 October 2017 - 11:45

%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%94%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B6%A7%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉරිදාට යෙදුන අන්තර්ජාතික ළමා දිනය වෙනුවෙන්,සිකුරාදා සිය පාසලේ සිසුන්ට නර්තනයක් පුහුණු කරමින් තමන්ද නර්තනයේ යෙදී සිටි ගුරුවරියක පාසලේ වේදිකාව මත ඇද වැටී මියගිය පුවතක් මැණික්‌දිවෙලින් වාර්තා වනවා.

මැණික්‌දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබෙනවා.

දීපා කුමාරි කුලතුංග නමැති මෙම ගුරුවරිය 45 හැවිරිදි වියේ පසුවන අතර එක්‌දරු මවක්.

කෙසේවෙතත් ඇයගේ මරණය ගැන මහනුවර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විවෘත තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කරමින් සිරුරු  කොටස්‌ වැඩිදුර පරීක්‍ෂණ සඳහා රස පරීක්‍ෂකවරයා වෙත යෑවීමට නියෝග කෙරුනා.

මියගිය ගුරුවරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය යටිනුවර මහනුවර හදිසි මරණ පරීක්‍ෂකවරයා සිදු කර තිබෙනවා.

දිගු කලක සිට පිළිකාවට අදාළ රෝග තත්ත්වයක්‌ මත ගුරුවරිය ප්‍රතිකාර ලබමින් සිට ඇති බව සඳහන්.

සිරුර වෙහෙස නොකර ඉගැන්වීමේ කටයුතු කරන ලෙස මෙම ගුරුවරියට වෛද්‍ය උපදෙස්‌ ලැබී තිබු බවද වාර්තා වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories