ටී 56 ගිනි අවි 3ක් සමඟ ගම්පහ දී සොයාගත් මෝටර් රථය පිළිබඳ තොරතුරු හෙළිවේ

Tuesday, 03 October 2017 - 12:29

%E0%B6%A7%E0%B7%93+56+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+3%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
ටී 56 ගිනි අවි 3ක් සමග ගම්පහ නගර මධ්‍යයේ නවතා දමා ගිය සැක කටයුතු මෝටර් රථය යක්කල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ මෝටර් රථයේ අංක තහඩු ද වෙනස් කර ඇති බවයි.

මෙම ටී 56 ගිනි අවි තුන රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන බව ද පොලීසිය සදහන් කළා. ඊයේ පස්වරුවේ අදාළ මෝටර් රථයේ අංක තහඩුව ඇදවීම සම්බන්ධයෙන් සැක සිතූ ගම්පහ පොලීසියේ රථවාහන කොට්ඨාශයේ නිලධාරීන් දෙදෙනෙකු මෝටර් රථය පසුපස හඹා ගොස් තිබුණා.

පසුව මෝටර් රථයේ පැමිණි පිරිස් එය ගම්පහ රෝහල අසළ දමා පළා ගොස් තිබූ අතර එය පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවි සොයා ගත්තා.

මේ වන විට අදාළ මෝටර් රථයේ සටහන් වී ඇති ඇගිලි සලකුණු සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පළා ගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories