පාර්ලිමේන්තු විශේෂ සභාවාරය ඇරඹේ

Tuesday, 03 October 2017 - 15:00

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජතන්ත්‍රවාදයේ 70 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු සභාවාරය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ මැති ඇමතිවරුන් එක්ව සිටින බවයි පාර්ලිමේන්තු හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම සාක් කලාපීය රටවල් නියෝජනය කරන කථානායකවරුන්, නියෝජ්‍ය කථානායකවරුන් මෙන්ම විදේශීය තානාපතිවරුන්ද මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයින් ලෙස සහභාගිවී සිටිනවා.

පස්වරු 2.30 ට මෙම සැසිවාරය ආරම්භ වූ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජතන්ත්‍රවාදයේ 70 වන සංවත්සරය වෙනුවෙන් වන යෝජනාව ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් එය ස්ථීර කළ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සභාව අමතමින් කියා සිටියේ ඒකීය රාජ්‍යයක් තුළ සියලූ ජනතාවගේ අයිතිවාසිකම් සුරැකෙන නව ව්‍යවස්ථාවකින් පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කරන බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories