පළමු ශ්‍රේණියට සහ දෙවැනි ශ්‍රේණියට ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි පෙළපොත් 2ක්

Wednesday, 04 October 2017 - 15:15

%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%89%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+2%E0%B6%9A%E0%B7%8A
නූතන ගෝලීය සමාජය ජයගත හැකි සිසු පරපුරක් බිහිකිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ගේ උපදෙස් මත පාසල් තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩසටහනක් දියත් කර තිබෙනවා.

ඒ අනුව, පළමු ශ්‍රේණියට සහ දෙවැනි ශ්‍රේණියට ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි පෙළපොත් 2ක් ලබන වසරේ සිට හඳුන්වාදීමට නියමිත අතර, ජාතික අධ්‍යාපන ආයතනය හරහා පෙළපොත් සම්පාදනය මේ වනවිට සිදුකර තිබෙනවා.

මේ වනවිට 03 ශ්‍රේණියේ සිට ඉහළට ඉංග්‍රීසි භාෂාවට අදාළ පෙළ පොත් ලබාදෙන අතර, ප්‍රාථමික අංශයේ 1 සහ 2 ශ්‍රේණිවල සිට ම විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් සියලු ම සිසුන් වෙත ලබාදීම මෙම නව පෙළපොත් ලබාදීමේ  අරමුණයි.

මීට අමතරව පාසල් දරුවන් වෙත පෙළපොත් ලබාදීමේ දී පෙළ පොත් සමඟ එහි අන්තර්ගතය වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කර සකස් කරන ලද සංයුක්ත තැටි (CD) ලබාදීම පිළිබඳව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

 පෙළපොත් කිහිපයක් සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙසයි  ඉදිරියේ දී මෙය හඳුන්වාදීමට සැලසුම් කර ඇත්තේ.

 පාසල් දරුවන් අතර e සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහාත්, වඩාත් ආකර්ෂණීය ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රමවේද ප්‍රචලිත කිරීම සඳහාත් මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට, අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය පැවසුවා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories