අගමැති හෙට ජර්මනියට

Wednesday, 04 October 2017 - 16:02

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෞද්ගලික සංචාරයක් සදහා හෙට ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

එම සංචාරයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ලබන 9 වනදා සිට ෆින්ලන්තයේ නිල සංචාරයක් සදහා එක්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා, ෆින්ලන්ත අග්‍රාමාත්‍ය යුහා සිපිලර් ඇතුළු ඉහළ පෙලේ නායකයින් සමග ද්වීපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මෙහිදී දෙරට අතර වෙළද, ආර්ථික සහ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි නව සබදතා ඇති කර ගැනීම සදහා සාකච්ඡා පැවැත්වෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories