හිටපු ජනපතිගේ විජේරාමේ නිවසට ඇතුලූවීමට ගිය පුද්ගලයා යළි රක්ෂිත බන්ධනාගාරයට

Friday, 06 October 2017 - 10:53

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%A7+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ - විජේරාම මාවතේ පිහිටි නිල නිවසට තියුණු ආයුධයක් රැගෙන ඇතුළු වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා මේ මස 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊට අමතරව, මෙම පුද්ගලයාට බන්ධනාගාර නිලධාරින් මාර්ගයෙන් අංගොඩ මානසික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාදෙන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

අදාළ සැකකරු පසුගිය මස 21 වනදා හිටපු ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබූ අතර, ඊට ආරක්ෂක නිලධාරීන් ඉඩ සලසා නොදීම හේතුවෙන් ඔහු සතුව තිබූ තියුණු ආයුධයක් ගෙන, එය පෙන්වමින් සියදිවි හානිකර ගන්නා බව ප්‍රකාශ කර තිබුණා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories