හම්බන්තොට විරෝධතා කළ 26 ක් අත්අඩංගුවට - පොලිසියේ 3 කට තුවාල

Friday, 06 October 2017 - 13:00

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+26+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+3+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
මත්තල - ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉන්දියාවට දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාදීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අද පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාවට එක්වූ පුද්ගලයින් 26 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර පොලිස් නිලධාරින් තුන්දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි හම්බන්තොට ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ.

එම විරෝධතාව හම්බන්තොට පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය ඉදිරිපිටට පැමිණ එහි නිලධාරින්ට සංදේශයක් ද භාරදුන් අතර, ඉන් අනතුරුවයි ඔවුන් විසුරුවා හැරීම සදහා පොලීසිය කදුලූ ගෑස් සහ ජල ප්‍රහාරයක් ද එල්ල කළේ.

විරෝධතාකරුවන් මේ වනවිට විසිර ගොස් ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.

විරෝධතාව හම්බන්තොට අධිකරණ බලසීමාව තුළ මහජනතාවට පීඩාකාරි වන ආකාරයෙන් නොපවත්වන ලෙසට අධිකරණය ඊයේ තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories