හම්බන්තොට විරෝධයේදී 28ක් අත්අඩංගුවට - පොලීසියේ 4ක් රෝහලේ

Friday, 06 October 2017 - 17:04

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+28%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අද හම්බන්තොට දී පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

එහිදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 28 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අතර කාන්තාවන් 07 දෙනෙකුද සිටින බවයි පොලීසිය සදහන් කළේ.

විරෝධතාකරුවන් කලහකාරී ලෙස හම්බන්තොට පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟ ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව හම්බන්තොට ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියා.

විරෝධතාව අතරතුරදී පොලිස් නිලධාරීන් 4 දෙනෙකුද තුවාල ලැබූ අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ හම්බන්තොට මූලික රෝහලටයි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන්දියාවට බදු දීමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ මෙම විරෝධතාව අද පෙරවරු 10.30 ට පමණ ආරම්භ කළේ හම්බන්තොට වෙරළ උද්‍යානය අසලින්.

මෙම උද්ඝෝෂණයට එරෙහිව පොලිසිය ඊයේ අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගත් අතර, එහිදී නාමල් රාජපක්ෂ හා ඩී.වී.චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු කිහිප දෙනෙකුට හම්බන්තොට අධිකරණ බලසීමාව තුළ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තහනම් කර තිබුණා.

අද පැවති විරෝධතාවට චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, මහින්ද යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම, සාලින්ද දිසානායක, අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත, නාමල් රාජපක්ෂ, ඩී.වී.චානක ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙන්ම පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයන්ද පිරිසක්ද එක්ව සිටියා.

විරෝධතාකරුවන් පෙරවරු 11.00 ට පමණ හම්බන්තොට පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය වෙත සටන් පාඨ කියමින් පාගමනින් පැමිණියා.

ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය වෙත පැමිණි විරෝධතාවකරුවන් අතරින් 05 දෙනෙකුට ඊට ඇතුළුවීමට පොලිසිය එහිදී අවස්ථාව සලසා දුන්නා.

ඒ අනුව විරෝධතාවයට එක්ව සිටි දකුණු පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියන් ඇතුළු භික්ෂූණ් වහන්සේලා තුන් නමක් සහ තවත් නියෝජිතයන් දෙදෙනෙකු එම කාර්යාලයට ගොස් සංදේශයක් භාර දී තිබෙනවා.

අනතුරුව විරෝධතාකරුවන් යළිත් එම ස්ථානයේ යොදා තිබූ මාර්ග බාධක ඉවත් කරමින් ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය වෙත යාමට උත්සාහ කළ අතර, එහිදීයි පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ. එම අවස්ථාවේදී දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

මෙම අවස්ථාවේදී විරෝධතාවයට එක්ව සිටි කිහිප දෙනෙකු කොන්සල් ජනරාල් කාර්යාලය දෙසට සහ පොලිසියට ගල් ප්‍රහාරයක්ද එල්ල කළ බවයි හම්බන්තොට ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories