ඇඹිලිපිටියේ ගම්මාන කිහිපයක සැරිසැරූ වන අලි දෙදෙනෙකු වනජිවියෙන් අල්ලා ගනී

Saturday, 07 October 2017 - 15:06

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
වගා බිම් විනාශ කරමින් ඇඹිලිපිටිය - කුට්ටිගල ප්‍රදේශය අවට සැරිසැරූ වන අලි දෙදෙනෙකු හම්බන්තොට වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් අද පෙරවරුවේ නිර්වින්දනය කර අල්ලාගෙන තිබෙනවා.

මාසයකට ආසන්න කාලයක් කුට්ටිගල, තෝරාගල, කච්චිගල හා පදලංගල යන ප්‍රදේශ අවට සැරිසැරූ මෙම වන අලි දෙදෙනා හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටි බවයි ප්‍රදේශවාසීන් කියා සිටියේ.

අල්ලා ගත් වන අලින් දෙදෙනා උඩවලව ජාතික වනෝද්‍යානයට රැගෙන යාමට නියමිතයි.

මේ අතර, මොනරාගල - ඇතිමලේ - කරගහඇල්ල, පන්සල්ගල ආසන්නයේ සතියකට අධික කාලයක සිට වනඅලියෙකු තුවාල ලබා සිටින බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා.

එම වන අලියාට ප්‍රතිකාර කිරීම සදහා මේ වනතුරුත් වනජිවි නිලධාරින් පැමිණ නොමැති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories