බාහිර ආයුර්වේද ඩිප්ලෝමා සිසුන්ගේ ප්‍රායෝගික පරික්ෂණයට අභ්‍යන්තර සිසුන්ගෙන් බාධා

Sunday, 08 October 2017 - 7:30

%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%E0%B6%A9%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
ආයුර්වේද ශාස්ත්‍රීය ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලාව සඳහා පෙනී සිටින සිසුන් ඊයේ (07) දිනයේ එහි ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණදීමට බොරැල්ල ආයුර්වේද රෝහල වෙත ගිය අවස්ථාවේදී අභ්‍යන්තර සිසුන් විසින් බාධා කර ඇති බව වාර්තාවනවා.

ඒ අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සිදුකිරීමට ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන්ට ඉඩ ලබාදිය නොහැකි බව පවසමින්.

එම බාධා කිරීම් හමුවේ අදාළ ප්‍රායෝගික පරීක්ෂණය සිදුකිරීමට නොහැකි වූ අතර, එය දින නියමයක් නොමැතිව කල් දැමීමටයි බලධාරින් කටයුතු කර ඇත්තේ.

බොරැල්ල ආයුර්වේද රෝහලේ අභ්‍යන්තර සිසුන් තමන්ට සිදුකළ තර්ජනය සම්බන්ධයෙන් ආයුර්වේද ශාස්ත්‍රීය ඩිප්ලෝමා සහතික පත්‍ර පාඨමාලාවේ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණදීමට එහි ගිය සිසුන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ පරිශ්‍රයෙන් පිටව යන තුරු අභ්‍යන්තර සිසුන් බාධා එල්ල කළ බවයි.

කෙසේ වෙතත්, මෙම ගැටලූවට මැදිහත් වූ ආයුර්වේද සීමාවාසික වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ රෝහලේ ප්‍රායෝගික පරීක්ෂණ සිදුකිරීමේදී රෝගීන්ට බාධාවක් සිදුනොවන අයුරින් පවත්වන ලෙස බලධාරීන් දැනුවත් කළ බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories