2018 සදහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

Sunday, 08 October 2017 - 10:52

2018+%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
2018 වසරේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගියදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත හෙට දිනයේ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න විසින් පාාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙම විසර්ජන පනත් කෙටුම්පතේ ලබන වසර සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 3982 ක් ලෙස දක්වා ඇති අතර, ඇස්තමේන්තු ගත ආදායම රුපියල් බිලියන 2175ක්.

අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් මස 9 වනදායි.

ශක්තිමත් ආර්ථිකයක්, පොහොසත් රටක් බිහිකර වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇතිකිරීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති හා ජනතා අපේක්ෂා යන තේමාව යටතේ එම අයවැය ලේඛනය මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර අයවැයට ඇතුළත් කිරීම සඳහා මහජන අදහස් සහ යෝජනා මේ මස 18 වනදා දක්වා භාරගන්නා බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories