වෛද්‍ය පත්වීම් ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

Monday, 09 October 2017 - 13:50

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලැයිස්තුවේ පවතින ගැටළු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රාජ්‍ය සේවා කොමිසම අතර  විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා.

රාජ්‍ය සේවා කොමිසන් සභා කාර්යාලයේ පැවැත්වෙන එම සාකච්ඡාවෙන් පසු රැස්වන සිය විධායක කමිටු රැස්වීමේදී වර්ජනයකට අවතීර්ණ වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කළේ.

අදාළ ගැටළු කඩිනමින් නිරාකරණය නොකළහොත් මෙම සතියේදී දීපව්‍යාප්ත වර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය සතියේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා.  

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories