ඉන්ධන දුම්රිය පිටුපසට ධාවනය කිරීම ගැන පරීක්ෂණයක්

Tuesday, 10 October 2017 - 14:58

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B6%A7+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නාවලපිටිය සිට කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක එන්ජිමේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය පසුපසට ධාවනය වී තිබෙනවා.

අද අලුයම 3ට පමණ හැටන් දුම්රිය ස්ථානයේ සිට කොටගල දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කළ දුම්රිය මෙලෙස කාර්මික දෝෂයකට ලක්වූ බවයි නාවලපිටිය දුම්රිය පාලක කාර්යාලය සඳහන් කළේ.

දුම්රිය කාර්මික දෝෂයට ලක්වන අවස්ථාවේ එහි ඩීසල් ලීටර් 11,600ක් පමණ ප්‍රවාහනය කරමින් තිබූ බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories