වල්ලාපට්ටා තොගයක් සමග කුවේට් ජාතිකයෙකු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

Wednesday, 11 October 2017 - 16:01

%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් එක්ලක්ෂ පනස් දහසකට අධික වටිනාකමින් යුත් වල්ලාපට්ටා තොගයක් තායිලන්තයේ බැංකොක් නුවර බලා රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු ගුවන්තොටුපල රේගුව විසින් අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි කුවේට් ජාතිකයෙකු වන අතර, ඔහු සන්තකයේ තිබී වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 5 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත් බවයි ගුවන්තොටුපල රේගුව සදහන් කළේ.

වල්ලාපට්ටා තොගය මේ වනවිට රාජසන්තක කර ඇති අතර, සැකකරු අවවාද කිරීමෙන් පසු මුදාහැර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories