සියලු ලංගම සේවක නිවාඩු අවලංගු කෙරේ

Thursday, 12 October 2017 - 12:11

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මේවනවිට ක්‍රියාත්මක දුම්රිය වර්ජනයෙන් සිදුවන අපහසුතා වලක්වාලීමට සියලු ලංගම සේවක නිවාඩු අවලංගු කළ බව ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

මේ අතර ඊයේ දිනයේ හදිසියේ දියත් කෙරුණ දුම්රිය වර්ජනය නිසා දුම්රිය මගින් දැඩි අපහසුතාවට පත් වූ අතර එම මගීන් යළි සිය නිවෙස් කරා යන්නේ කෙසේදැයි කිසිවෙකුත් වගකීම භාරගනු දක්නට ලැබුනේ නැහැ.

දුම්රිය වාර ප්‍රවේශපත් ඇති මගින් විකල්පයක් නොමැතිව කොටුව දුම්රියපළේ රැස්ව විරෝධය පළ කරද්දී පොලිසිය කළේ ඔවුන්ව ඉවත් කිරීමයි.

නිවෙස් බලා නොමිලේ යාමට බස් රථ සුදානම් කර ඇති බව පොලිසිය පැවසුවත් ඒ ගැන සහතිකයක් හෝ එය සිදුවනවාද යන්න සොයා බැලීමක් සිදු කරන්නට බලධාරියෙක් සිටියේ නැහැ.

කෙසේවෙතත් වර්ජනය පැවතුනද දුම්රිය කිහිපයක් මේ වනවිට ධාවනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ මාතර සිට කොළඹ දක්වාත්, අවිස්සාවේල්ල සිට කොළඹ දක්වාත්, පොල්ගහවෙල සහ මහව සිට කාර්යාල දුම්රිය කොළඹ දක්වා ධාවනය වන බවයි.

දුම්රිය එන්ජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පරිපාටිය සංශෝධනය නොකිරීම හේතුවෙන් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ඊයේ රාත්‍රියේ හදිසි වර්ජනයක් ආරම්භ කළ අතර, ඊට දුම්රිය නියාමකවරුන්ගේද සහය හිමිවුණා.

කෙසේ වෙතත් හැකි පරිදි දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බවයි දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories