වැසි තත්ත්වයේ වැඩිවීමක්

Friday, 13 October 2017 - 13:14

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බෙංගාල බොක්ක අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනට බලපා ඇති වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මේ බව කියා සිටියා.

ඔවුන් සඳහන් කළේ දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි බලාපොරොත්තුවන අතර බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත්වල මිලිමීටර් 75 ක පමණ තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories