පර්පචුවෙල් සමාගමේ මුදල් හුවමාරු රහසක්, කොමිසමේදී හෙළිවේ

Friday, 13 October 2017 - 18:50

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%A0%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම සිය සහෝදර සමාගම්වල බැංකු ගිණුම් වෙත කෝටි ගණනක මුදල් බැරකර ඒවා නෝට්ටු ලෙස යළිත් එම සමාගමට ගෙනවිත් ඇති බව බැඳුම්කර කොමිසමේදී අද හෙළි වුණා.

එම සමාගමේ අලෙවි නිලධාරී කෞෂික රණවීර අද කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ අනතුරුව එම මුදල්වලට සිදුවූයේ කුමක්දැයි තමන් නොදන්නා බවයි.

සාක්ෂිකරු පැවසුවේ සිය සමාගමේ මුදල් කෝටි ගණනින් බැංකු ගිණුම් හරහා සහෝදර සමාගම් කිහිපයකට විටින් විට හුවමාරු කළ බවයි.

අනතුරුව අදාළ සමාගම්වල ගිණුම්වලින් එම මුදල් ලබාගැනීම සඳහා  ඕනෑම පුද්ගලයෙකුට ක්ෂණික මුදල් බවට පරිවර්තනය කළ හැකි චෙක්පත්, අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ පියා වන ජෙෆ්රි ඇලෝසියස් යන අය නිකුත් කළ බව ඔහු සඳහන් කළා.

පර්පචුවෙල් අලෙවි නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ එම මුදල් තමන් විසින් නෝට්ටු වශයෙන් ලබාගෙන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනට ලබාදුන් බවයි. ඔහු නොමැති අවස්ථාවලදී ඔහුගේ අසුනේ එම මුදල් තැබූ බව සාක්ෂිකරු පැවසුවා.

මෙම ක්‍රියාවලිය නිසා පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් පිටතට ගිය බවට සඳහන් මුදල් යළි එම සමාගමටම ගෙනවිත් ඇත්තේ කිසිදු නිල ලිඛිත වාර්තාවකින් තොරවයි.

පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකුට  ඕනෑම අවස්ථාවක මුදල් පිටතට ගෙන ඒවා  ඕනෑම කර්තව්‍යයක් සඳහා වියදම් කිරීම නීතිවිරෝධී නොවන බවට අර්ජුන් ඇලෝසියස්ගේ නීතිඥවරයා කළ ප්‍රකාශය සාක්ෂිකරු පිළිගත්තා.

මේ අතර, සිය සමාගමේ බලපත්‍රය අත්හිටුවීමට මහ බැංකුව ගෙන ඇති තීරණය අහෝසි කරන්නැයි ඉල්ලා පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන 19 වැනිදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය අද කල් තැබුවා.

ඒ, එම පෙත්සම සංශෝධනය කිරීමට කාලය අවශ්‍ය බව සමාගමේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටීම හේතුවෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories