ලොව හුදකලාම ගුවන්තොටුපලටත් ගුවන් යානයක් ගොඩබසී

Saturday, 14 October 2017 - 15:31

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B6%E0%B7%83%E0%B7%93
ලොව හුදකලාම මෙන්ම ප්‍රයෝජනයකින් තොර ගුවන්තොටුපල ලෙස හැදින්වෙන ශාන්ත හෙලේනා දිවයිනේ ගුවන්තොටුපලට අද ප්‍රථම වරට වානිජ ගුවන් යානයක් ගොඩබස්වනු ලබනවා.

දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටි ශාන්ත හෙලේනා දිවයින තවදුරටත් බ්‍රිතාන්‍ය යටතේ විජිතයක්.

ඩොලර් මිලියන 380 ක වියදමින් මෙහි තැනූ ගුවන්තොටුපල පසුගිය වසරේදී විවෘත කිරීමට නියමිතව තිබූ නමුත්, එහි පැවති අනතුරුදායක තත්ත්වය හේතුවෙන් එය කල්දමනු ලැබුවා.

මේ නිසා මෙම දිවයින සහ බාහිර ලෝකය අතර සම්බන්ධය පැවතුණේ සති 3 කට වරක් එහි ළගා වන නෞකාවකින්.

මගීන් 78 දෙනෙකු රැගත් දකුණු අප්‍රිකානු වානිජ ගුවන් යානයක් අද එහි ගොඩබැස්සවීමට නියමිතව තිබුණා.

වෝටර්ලූ යුද්ධයෙන් බ්‍රිතාන්‍ය හමුදා වෙතින් පරාජය ලැබූ නැපෝලියන් බොනපාට් 1815 වසරේදී පිටුවහල් කරනු ලැබූයේ මෙම ශාන්ත හෙලේනා දිවයිනටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories