බෙංගාල බොක්කේ කැළඹිල්ල තවත් පැය 48 ක්

Sunday, 15 October 2017 - 12:41

%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+48+%E0%B6%9A%E0%B7%8A
බෙංගාල බොක්කේ පවතින කැළඹිලි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි පැය 48 තුළද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මේ වනවිට පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින දෙක තුළද බලපෑ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.  

මේ වනවිට කළු, ගිං සහ නිල්වලා යන ගංඟා පිටාර මට්ටමේ පවතින බවයි වාර්තාවන්නේ.

මේ හේතුවෙන් මාතර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට බලපෑ ගං වතුර තත්ත්වයන් තවදුරටත් එලෙසම පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

පසුගිය පැය කිහිපය තුළ වැසි ඇද හැලීමේ අඩුවීමක් පෙන්නුම් කළද වැසි පවතින ප්‍රදේශවල ජනතාව පස් කඳු කඩාවැටීම් සහ නායයෑම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඉල්ලීමක් කළා.

නිල්වලා ගෙඟ් ජල මට්ටම පානදුගම ප්‍රදේශයෙන් ඉහළ යෑමත් සමඟ තවදුරටත් මාර්ග කිහිපයක් ජලයෙන් යටව පවතිනවා. ඒ අනුව අකුරැස්ස - කඹුරුපිටිය, අකුරැස්ස - සියඹලාගොඩ, අකුරැස්ස - කද්දූව,  මාලිම්බඩ - කද්දූව යන මාර්ග අවහිර වී ඇති බවයි  හිරු ප්‍රාදේශීය වාර්තාකරු අජිත් ලංකාතිලක සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories