සෝමාලියාවේ දින 03ක ශෝක කාලයක්

Sunday, 15 October 2017 - 16:38

%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+03%E0%B6%9A+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මොගඩිෂු අගනුවර ඊයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් ජනතාව මිය යාමත් සමඟ සෝමාලියාවේ දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති මොහොමඩ් අබ්දුල්ලාහි මොහොමඩ් ෆර්මායෝගේ නියෝගයකට අනුවයි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 85 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, තවත් පුද්ගලයින් 250 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

පුපුරණ ද්‍රව්‍ය පිරවූ ලොරි රථයක් හෝටලයක් ඉදිරිපිට පුපුරුවා හැරීමෙනුයි මෙම ප්‍රහාරය සිදුකර තිබුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories