අතුරුදන් වූ ඇළ මාර්ගයක ජලය

Monday, 16 October 2017 - 7:19

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%87%E0%B7%85+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA
මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රධාන ඇළ මාර්ගයක ජලය අතුරුදන්වී ඇළ මාර්ගය සිඳීගොස් තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ භූවිද්‍යා නිලධාරීන් මේ පිළිබඳ වහා අවධානය යොමුකළ යුතු බවයි.

මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කෝමාරීක ගොවිජනපදයට ජලය සපයන වැල්ලේවෙල, ඩී - 02 ප්‍රධාන ඇළ මාර්ගයේ ජලය අතුරුදන්ව ඇත්තේ ඊයේ පස්වරුවේයි.

ඇළ මාර්ගය මැද සෑදුණු විශාල සිදුරක් ඔස්සේ ඒම ජලය ගලායාම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබෙනවා.

වාරිමාර්ග නිලධාරීන් පැවසුවේ ඇළ මාර්ගය ඔස්සේ සැපයෙන ජලය අඛණ්ඩව සැපයුවත් අදාළ  සිදුර ඔස්සේ ගලාගොස් අතුරුදන්වන බවයි.

පසුගියදා පස්වරුවේ හටගත් විශාල ශබ්දයත් සමග ඇළ මාර්ගය අභ්‍යන්තරයේ මෙම කුහරය හටගෙන තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories