සාලමුල්ලේ තරුණියන් තුන් දෙනෙකු හිටිහැටියේ අතුරුදන් (ඡායාරූප)

Monday, 16 October 2017 - 9:41

%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොලොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක තරුණ කාන්තාවක් සහ තවත් පාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන්වී ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී තිබෙන්නේ වයස අවුරුදු 19 වූ මලිති වත්සලා පෙරේරා,වයස අවුරුදු 15 වූ යෂන්ති මදුෂානි පෙරේරා සහ වයස අවුරුදු 14 වූ සවිත්‍රා  නමැති අයයි.

19 හැවිරිදි විවාහක මලිති වත්සලා පෙරේරා නමැති අයට අවුරුදු එකහාමාරක දරුවෙකුද සිටින බවයි ඔවුන්ගේ දෙමාපියන් හිරු වෙත ප්‍රකාශ කළේ.

පෙරේදා(14) දහවල් 2.30 පමණ අසල්වැසියන් වන මෙම තිදෙනා ඇඳුම් ගැනීම සඳහා නිවසින් පිටවී ඇති බවත් ඉන් අනතුරුව ඔවුන්ගෙන් තොරතුරක් නොවූ  බවත් දෙමාපියන් අප වෙත ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අද(16) උදෑසන යෂන්ති මදුෂානි පෙරේරා නමැති අයගේ සහෝදරයෙකුගේ දුරකථනයකට ඇය ඇමතුමක් ලැබී තිබෙනවා.

ඇමතුම ලබාදෙමින් යෂන්ති, සහෝදරයාට කියා තිබෙන්නේ මෙම දුරකථන අංකයට යළි ඇමතුමක් නොදෙන ලෙසයි.

මේ හේතුවෙන් අතුරුදන් වූ අයගේ දෙමාපියන්, මොවුන් කිසියම් පිරිමි පුද්ගලයන් පිරිසක් විසින් රඳවා තබාගෙන සිටින බවට සැක පලකරනවා.

ඇයගේ මව හිරු වෙත සඳහන් කළේ " ඒ ඇමතුම දුන්න තැන පිරිමි ගොඩක් ඉන්නවා වගේ පුතාට දැනිලා තියෙනවා." යනුවෙන්.

සිද්ධිය සම්බන්ධයෙන් දෙමාපියන් විසින් වැල්ලම්පිටිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories