ශලීල මුණසිංහට තවත් නඩුවක්

Monday, 16 October 2017 - 14:04

%E0%B7%81%E0%B6%BD%E0%B7%93%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ පදිංචිව සිටි රාජගිරිය ප්‍රදේශයේ නිවසේ විදුලි මණුව වෙනස් කර නීතිවිරෝධී ලෙස විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගයට අද දින නියම කෙරුණා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදිියි.

ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය පෙබරවාරි මස 19 වනදාට දින නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා එදිනට පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට පෙනී සිටින ලෙස සිතාසි යවන්නැයි නියෝග කළා.

එදින වනවිට සැකකාර ශලීල මුණසිංහ රක්ෂිත බන්ධනාගාර ගතව නොසිටියහොත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කෙරුණා.

දැනට තායිවානයේ ෆා - ඊස්ටන් බැංකුවේ පරිඝනක පද්ධතියට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක මුදල් ඉවත් කර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ශලීල මුණසිංහ මේ මස 25 වනදා දක්වා රක්ෂිිත බන්ධනාගාර ගත කරන ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories