අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික ලේකම්ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නියෝග

Monday, 16 October 2017 - 16:17

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික ලේකම්වරයාට හෙට දිනයේ වහාම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස බැඳුම්කර කොමිසම දැනුම් දී තිබෙනවා.

මීට පෙර ද ඔහුව බැඳුම්කර කොමිසම හමුවට කැදවා තිබුණ ද ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කළේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීම නිසා ඔහුට කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බවයි.

කෙසේ වෙතත්, මේ වන විට රෝහලෙන් මුදා හැර ඇති ඔහුට හෙට දිනයේ කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.

ඒ.එම්. සහ ආර්.කේ. යනුවෙන් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම පවත්වාගෙන ගිය ලිපි ගොනු ලබාගැනීමට ඔහු කැදවා ඇති බව කොමිසම සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories