ටයර් පුළුස්සමින් සරසවි සිසුන් පිටකොටුවේ විරෝධතාවක

Monday, 16 October 2017 - 18:40

%E0%B6%A7%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සරසවි සිසු නායකයින් වහා නිදහස් කරන ලෙස සහ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස රජයට බල කරමින් පිටකොටුව බෝධිය අසළ අද දහවල් විරෝධතාවක් පැවැත්වුණා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්, වෛද්‍යවරුන් හා තවත් වෘත්තීය සමිති කිහිපයක මැදිහත්වීමෙන් පැවැත්වූ මෙම විරෝධතාව හේතුවෙන් පිටකොටුව - ඕල්කට්මාවතට ඇතුළු වන මංතීරුවේ දැඩි රථ වාහන තදබදයක් හට ගත්තා.

ඔවුන් පිටකොටුව බෝධිය ඉදිරිපිට මාර්ගයේ පඹයන් සහ ටයර් පුළුස්සමින් විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සයිටම් ගැටළුව මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ග දක්වා ගොස් ඇති බැවින් අවසන් තීරණය අධිකරණය සතු වන බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ඊයේ යොමු කළ ලිපිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories