රවී ගැන සාක්ෂි දුන් අනීකා විජේසූරියට මරණ තර්ජන - රටිනුත් පලා යයි

Tuesday, 17 October 2017 - 11:05

%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%93%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+-+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි ලබාදුන් අනීකා විජේසූරියට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ සමීපතමයෙකු විසින් මරණ තර්ජන සිදු කර ඇතැයි අද බැඳුම්කර කොමිසමේදී හෙලි වුණා.

ඒ අනුව ඇය මේ වනවිට රටින් පිටව ගොස් ඇති බවයි මේ පිළිබඳව කරුණු දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව බැදුම්කර කොමිසමට දැනුම් දුන්නේ.

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් රුපියල් ලක්ෂ 116ක් ගෙවමින් මහල් නිවසක් කුලී පදනම මත ලබාගෙන එය හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට ලබාදුන් බවට බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ අනීකා විජේසූරිය විසින්.

මෙම සිද්ධිය මුල්කර ගනිමින් විදේශ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට සිදුවුණා.

මේ අතර, පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික ලේකම් ස්ටීව් සැමුවෙල්, අද මුල්වරට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටියා.

ඒ, එම කොමිසම ඊයේ නිකුත් කළ නියෝගයකට අනුවයි.

මීට පෙර පෙනී සිටින ලෙස ඔවුන්ට දැනුම් දී තිබුණ ද ඔහු කොමිසමට නොපැමිණියේ හෘදයාබාධ තත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගන්නා බව පවසමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories