බොරැල්ලේදී පුද්ගලයෙකු පැහැර ගනී - කොළොන්නාවේ තරුණියන් තවමත් අතුරුදන්

Tuesday, 17 October 2017 - 12:41

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගිය ඉරිදා පොලිසියෙන් බව පවසා පැහැරගෙන ගොස් ඇති බවට ඔහුගේ ඥාතීන් පවසනවා.

මිතුරන් කිහිප දෙනෙකු සමඟ බොරැල්ල - වෝඩ් පෙදෙසේ රැදී සිටියදී මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි ඔවුන් කියා  සිටියේ.

මාලක දනුෂ්ක නමැති මෙම 32 හැවිරිදි පුද්ගලයා පෙදරේරුවෙකු ලෙස සේවය කරන අතර, පැහැර ගැනීම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ද දැනුුම් දුන් බවයි ඔහුගේ සහෝදයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

 එමෙන්ම කොළොන්නාව - සාලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටියදී පසුගිය සෙනසුරාදා සිට අතුරුදන්වූ තරුණියන් තිදෙනා තවමත් හමුවී නැහැ.

දෙමාපියන් ඇතුළු ඔවුන්ගේ ඥාතීන් අද දිනයේද වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ්පාස් යන පොලිස් ස්ථාන වෙත පැමිණ ඒ පිළිබඳව විමසා තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇති සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි මල්කි වත්සලා පෙරේරා, 15 හැවිරිදි යසන්ති මධුශානි පෙරේරා යන දෙදෙනා ඥාති සහෝදරියන්.

අතුරුදන්ව ඇති අනෙක් තරුණිය 14 හැවිරිදි වියේ පසුවන ශරිත්‍රා ස්වේතායි.

ඇයගේ ඉල්ලීම මත අනෙක් තරුණියන් දෙදෙනා ඇඳුම් මිලදී ගැනීම සඳහා නිවෙස්වලින් පිටව ගොස් තිබෙනවා.

මොවුන් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් 0716342488 සහ 0711012537 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඔවුන්ගේ ඥාතීන් ඉල්ලීමක් කරනවා.

මේ අතර, හොරණ බස් නැවතුම්පළ ඉදිරිපිට අඹු සැමි යුවලක් සහ ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනා උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

හොරණ  - ඉලිඹ ප්‍රදේශයේ පදිංචි මෙම අඹු -සැමි යුවල පැමිණිල්ලක් සම්බන්ධයෙන් හොරණ පොලීසිය නිසි අයුරින් ක්‍රියා නොකරන බවට පවසමින්.

අප වාර්තාකරු සඳහන් කළේ උපවාසය අතරතුර හොරණ පොලීසියේ නිලධාරීන් පැමිණ ඔවුන් පොලීසියට කැදවාගෙන ගිය බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories