හම්බන්තොට පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලය ආසන්නයේ සංවිධාන කර තිබූ උද්ඝෝෂණයට සම්බන්ධවූවන් නිදහස් කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් තමන් අධිකරණයට ලිපියක් ඉදිරිපත් නොකළ බව නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ ඇප ලැබීමෙන් පසු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ නිදහස් සන්ධාන මහ ලේකම්වරයා එවැනි ලිපියක් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ බවයි.
එමෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රේමනාත් සී.දොලවත්ත ද එවැනි ලිපියක් නිදහස් සන්ධාන මහ ලේකම්වරයා අධිකරණයට ඉදිරිපත් කර තිබූ බව මාධ්‍ය වෙත කියා සිටියා.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර අද මාධ්‍ය වෙත නිවේදනයක් ද නිකුත් කළා.
එමගින් ඔහු පෙන්වා දී ඇත්තේ මෙහි සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් සොයා බලන ලෙස තමන් නීතිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
එවැනි ලියවිල්ලක් ඉදිරිපත් වී නොමැති නම් එය අධිකරණයට කරන ලද අපහාසයක් බව ද නිදහස් සන්ධාන මහ ලේකම්වරයා සිය ලිපියෙන් සිහිපත් කර තිබෙනවා.
අමාත්‍යවරයා නිකුත්කළ නිවේදනය පහතින්.

Follow US
Most Viewed Stories