මාස 09 කට ආසන්න කාලයක්, ප්‍රශ්ණ ගත මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අද අවසන් කෙරුණා.
කෙසේ වෙතත් කොමිසම විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ අවශ්‍යයැයි හැෙඟන්නේ නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ වෙනත් පුද්ගලයින්ගේ සාක්ෂි ලබා ගැනීම සඳහා යළි කොමිසම කැදවන බවයි.
සාක්ෂි විමසීම අවසන් කරමින් කොමිසම විශේෂ ප්‍රකාශයක්ද නිකුත් කළ අතර කොමිසම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ප්‍රශ්ණාවලියක් යොමුකල බව එහි දක්වා තිබෙනවා.
ඊට පිළිතුරු දිවුරුම් ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කළයුතු බවයි එහි දැක්වෙන්නේ.
කොමිසම පවසන්නේ අවශ්‍ය නම් තවත් ප්‍රශ්නාවලියක් අග්‍රාමාත්‍යවරයාට යොමුකරන බවයි.
ඊට ලබාදෙන පිලිතුරු අනුව අවශ්‍ය වුවහොත් අග්‍රාමාත්‍යවරයා කැඳවන බවද කොමිසම ප්‍රකාශ කළා.
අනතුරුව අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර්, ජනරාල් දප්පුල ද ලිවේරා ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා ඇතුලූ තමන් ඉදිරිපත් කළ ලේඛනයේ ඇතුලත් සාක්ෂිකරුවන් 20 දෙනාගෙන් සාක්ෂි විමසීම අත්‍යවශ්‍ය බවයි.
ඔවුන්ගෙන් සාක්ෂි ලබා නොගෙන කොමිසමේ කටයුතු අවසන් කරන්නේ නම් එය අඩක් පිලිස්සු කේක් ගෙඩියකට සමාන බවත් ජනතාව බලාපොරොත්තු වන්නේ සම්පුර්ණයෙන් පිලිස්සු කේක් ගෙඩියක් බවත් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ ප්‍රකාශ කළා.
ඔහු පැවසුවේ හිටපු අමාත්‍ය රවී කරුණානායකට අල්ලස් ලෙස සුඛෝපභෝගී මහල් නිවාසයක් අර්ජුන් ඇලෝසියස් ලබා දුන් බවට සාක්ෂි දුන් අනීකා විජේසුරියට එල්ල වු ජීවිත තර්ජන නිසා ඇය විදේශ ගතවී ඇති බවයි.
ඇගේ පවුලේ සාමාජිකයින්ටද රවී කරුණානායකගේ සමීපතමයෙකු වන කැසිනෝ ශාලා කිහිපයක හිමිකාරීත්වයක් දරණ ශනිල් නෙත්තිකුමාර මර්ණ තර්ජන කර ඇති බව රජයේ නීතීඥවරයා කියා සිටියා.
කොමිසම පැවසුවේ ඔවුන්ට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසත්, තර්ජනය කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන බවයි.
මේ අතර අනීකා විජේසූරිය අධ්යක්ෂ ධුරය දරණ, ඇගේ පවුලේ සාමාජිකයින් බහුතර කොටස් ප්‍රමාණයකට හිමිකම් කියන ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගමේ කොටස් සියයට 63.9 ක් අද කොටස් වෙළඳපොලේ අලෙවි කර තිබෙනවා.
රුපියල් බිලියන 1.09 කට එම කොටස් අලෙවි වී ඇති බවයි කොළඹ කොටස් හුවමාරුව සඳහන් කළේ.
එමෙන්ම අර්ජුන් ඇලෝසියස්ගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල්ගෙන්ද බැඳුම්කර කොමිසම අද ප්‍රශ්න කළා.
ඒ, ඔහු අර්ජුන් ඇලෝසියස්ට යොමුකළ කෙටි පණිවුඩ උපුටා දක්වමින්. එහි පී.එම්. ලෙස දැක්වෙන්නේ කවුදැයි නොදන්නා බවට සාක්ෂිකරු ප්‍රකාශ කළද එය අග්‍රාමාත්‍යවරයා විය හැකි බවට ස්ටීව් සැමුවෙල් පොලීසියට ලබාදුන් ප්‍රකාශයේ සටහන් බව රජයේ නීතීඥවරිය සඳහන් කළා.
අනතුරුව ආර්.කේ. යනු කවුරුන්දැයි විමසූ විට ද සාක්ෂිකරු පැවසුවේ අර්ජුන් ඇලෝසියස් ප්‍රකාශ කළ දේ තමන් සටහන් කරන බැවින් ඔවුන්ගේ අනන්‍යතාව තමන් නොදන්නා බවයි.
කෙසේ නමුත් අර්ජුන් ඇලෝසියස්ට යොමුකළ මෙම කෙටි පණිවුඩයේ රවී කරුණානායක ලෙස සම්පූර්ණයෙන් සඳහන් අතර, එහිදී සාක්ෂිකරු පැවසුවේ ඔහු හිටපු මුදල් අමාත්‍යවරයා බවයි.
අර්ජුන් ඇලෝසියස් සහ රවී කරුණානායක අතර හමුවීම් කිහිපයක් ම පැවති බවට මෙම කෙටි පණිවුඩ සාක්ෂි දරණ බවයි කොමිසම එහිදී ප්‍රකාශ කළේ.
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම පවත්වාගෙන ගිය ලිපි ගොනු දෙකක් පිළිබඳව සඳහන් කෙටි පණිවුඩ කිහිපයක් රජයේ නීතීඥවරිය අද කොමිසමට ඉදිරිපත් කළා.
එහි ආර්.කේ. වෙනුවෙන් කළ යුතු වැඩ ලෙස සඳහන් අතර, අර්ජුන් එම් ලෙස එහි දැක්වෙන්නේ හිටපු මහ බැංකු අධිපතිවරයා නොවේදැයි රජයේ නීතීඥවරිය ප්‍රශ්න කළා.
ඊට නොදනී ලෙස පිළිතුරු ලබාදුන් විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන පැවසුවේ සාක්ෂිකරු දිවුරුම් පිට අසත්‍ය ප්‍රකාශ කරන බවයි.
එය ඔප්පු වුවහොත් ප්රතිිවිපාකවලට මුහුණදීමට සිදුවන බව විනිසුරුවරයා සඳහන් කළා.
එමෙන්ම තවත් කෙටි පණිවුඩ කිහිපයක්ම උපුටා දක්වමින් රජයේ නීතීඥවරිය පැවසුවේ සේවක අර්ථසාධක අරමුදලේ සමන් කුමාර, අර්ජුන් ඇලෝසියස් අවස්ථා කිහිපයකදීම හමුවී ඇති බවයි.
රජයේ නීතීඥවරිය මෙහිදී පැවසුවේ අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකථනයෙන් ලබාගත් කෙටි පණිවුඩයක රෝහිත අබේගුණවර්ධන ලෙසද සඳහන් බවයි.

Follow US
Most Viewed Stories