ඒකාබද්ධ විපක්ෂය හම්බන්තොට සිදුකළ විරෝධතාවය අතරතුර ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජාතික පොලිස් කොමිසම පත් කරන ලද ත්රිපුද්ගල කමිටුවේ වාර්තාව ලබන සතිය තුළ දී තමන්ට ලැබෙන බව එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ පවසනවා.
පසුගිය 6 වන දා පැවැති මෙම ගැටුම අතරතුර දී තරුණයෙකුට පහර දුන් තංගල්ල සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත පසුගිය දා මාතර කොට්ඨාශය වෙත මාරු කෙරුණා.
ඒ, පොලිස් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Follow US
Most Viewed Stories