Update : කොළොන්නාවේ සිද්ධියට තවත් කාන්තාවක් අත්අඩංගුවට

Wednesday, 18 October 2017 - 13:53

Update+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අතුරුදන්ව සිට පසුව ගම්පහ පොලීසියට භාරවූ කොළොන්නාවේ 14 හැවිරිදි දැරිය රඳවාගෙන සිටි කාන්තාවක පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලම්පිටිය පොලීිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දැරිය සමග පොලීසියට පැමිණි ඇය ඉදිරි පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගත් බවයි.

මෙම දැරිය සමග අතුරුදන්ව සිට පොලිසියට භාර වූ 19 හැවිරිදි එක්දරු මව සහ 15 හැවිරිදි අනෙක් තරුණියගේ පෙම්වතා ද මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවනවා. 

Update : Wednesday, October 18, 2017 16.00
-----------------------------------------------------

කොලොන්නාව - සාලමුල්ල ප්‍රදේශයේදී අතුරුදන්වූ බවට වාර්තා වී පසුව පොලිසියට භාර වූ 19 හැවිරිදි තරුණිය සහ 15 හැවිරිදි තරුණියගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලම්පිටිය පොලිීසිය සදහන් කළේ 17 හැවිරිදි අදාළ තරුණයා සහ 19 හැවිරිදි තරුණිය ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.

ඊට අමතරව, අතුරුදන් වූ 15 හැවිරිදි තරුණිය සහ ගම්පහ පොලීසියට භාර වූ 14 හැවිරිදි තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමුකිරීමට නියමිත බව පොලීසිය සදහන් කළා.

පසුගිය සෙනසුරාදා මෙම තරුණියන් තුන්දෙනා අතුරුදන් වූ අතර, ලද තොරතුරකට අනුව 15 හැවිරිදි දැරියගේ පෙම්වතා ඊයේ රාත්‍රියේ වැල්ලම්පිටිය පොලීසියට රැගෙනවිත් ප්‍රශ්න කෙරුණා. ඉන් අනතුරුවයි අතුරුදන් වූ තරුණියන් තුන්දෙනා පොලීසියට භාර වුණේ.


 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories