තරුණයන් දෙදෙනෙකුට සිදු වූ දේ

Wednesday, 18 October 2017 - 17:25

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
දීපවාලී සැමරීමට ගිය තරුණයින් දෙදෙනෙකු මුහුදේ ගිලෙයි (ඡායාරූප)

දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු මුලතිව් මුහුදේ ගිලී අද (18) සවස අතුරුදන්ව ඇති බව මුලතිව් මූලස්ථාන පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ දීපවාලී නිවාඩුව වෙනුවෙන් මුලතිව් මුහුදේ දිය නෑමට ගිය තරුණයින් සිව් දෙනෙකු අතරින් දෙදෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි.

ඔවුන් එම ප්‍රදේශයේම පදිංචි 18 හැවිරිදි පුද්ගලයින් වන බව සඳහන්.

තරුණයින් සොයා නාවික හමුදාව, පොලිසිය හා ප්‍රදේශවාසීන් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ මොහොතේද අදාළ ස්ථානයට විශාල පිරිසක් එක්ව සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.



වවුනියාව - මාධව කුලසූරිය


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories