කොළොන්නාව තරුණියන් තිදෙනාගේ අතුරුදන්වීමේ සිද්ධියේ තවත් කරුණක් හෙළිවෙයි

Wednesday, 18 October 2017 - 18:58

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අතුරුදන්ව සිටි කොළොන්නාව - සාලමුල්ල ප්‍රදේශයේ එක්දරු මව මෙන්ම 15 හැවිරිදි සහ 14 හැවිරිදි දැරියන් අද පොලිසියට බාර වුණා.

පොලිසිය පැවසුවේ ඔවුන් මෙහෙකාර සේවයේ යෙදවීම සදහා රදවා සිටි බවට මෙතෙක් සිදු කළ පරික්ෂණවලදී හෙළිවී ඇති බවයි.

අතුරුදන්ව සිටි දැරිය මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා රැගෙනගිය පුද්ගලයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඊට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකුද වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර එලෙස පොලිස් භාරයට පත් වු  එක් කාන්තාවක් 84 වන වියේ පසු වන බව පොලීසිය සදහන් කළා.

මෙම එක්දරු මව සහ දැරියන් අතුරුදන්ව සිටියේ පසුගිය සෙනසුරාදා සිටයි.

ඒ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථාන වෙත ඥාතීන් පැමිණිලි කළ අතර  තොරතුරු ලබාදීම සදහා ඔවුන් දුරකථන අංකද ලබා දුන්නා.

හෝකන්දර ප්‍රදේශයේදී එම තරුණියන් ආහාර ලබා ගැනීම සදහා වෙලදසැලකට යනු දුටු බවට ඊයේ දහවල් එම අංකයකට පුද්ගලයෙකු ඇමතුමක් ලබා දී තිබුණා.

ඒ අනුව ඥාතින් පොලිසියටද දැනුම්දි  එම ප්‍රදේශයට ගොස් තිබුනේ අතුරුදන්වූ තුන්දෙනා පිළිබදව සොයා බැලිමේ අරමුණින්.

රාත්‍රිය වන තෙක් එම ස්ථානයට පොලිසිය නොපැමිණීම හේතුවෙන් තරුණියන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසින් අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ඒ අතරතුර අතුරුදන්ව සිටි පහලොස් හැවිරිදි දැරියගේ පෙම්වතා බව කියන 17 හැවිරිදි තරුණයෙකුගෙන් වැල්ලම්පිටිය පොලිසිය ඊයේ රාත්‍රියේ ප්‍රශ්ණ කර තිබෙනවා.

කෙසේ  වෙතත් අතුරුදන්ව සිටි 19 හැවිරිදි එක්දරු මව සහ පහලොස් හැවිරිදි දැරිය අද පෙරවරුවේ වැල්ලම්පිටිය පොලිසියට පැමිණ භාර වී තිබෙනවා.

අනතුරුව එක්දරු මව සහ එම දැරියගේ පෙම්වතා පොලිසිය අත්අඩංගුවට ගත්තා.

එම අවස්ථාව වනවිට 14 හැවිරිදි අනෙක් දැරිය පිළිබඳ තොරතුරක් වාර්තාවී තිබුනේ නැහැ.

පැය කිහිපයකට පසු ඇය කාන්තාවක් සමග පැමිණ භාරවී තිබුණේ ගම්පහ පොලීසියටයි.

දැරිය රඳවාගැනීමේ චෝදනාව මත එම කාන්තාවද පොලීසිය අත්අඩංගුවට ගත්තා.

පොලිස් භාරයට ගැනීමෙන් පසු ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ දෙමව්පියන්ගෙන් එල්ලවන හිරිහැර හේතුවෙන් තමන් ගම්පහ ප්‍රදේශයට පැමිණි බවයි.

එහිදී 14 හැවිරිදි දැරිය රඳවාගෙන සිටි කාන්තාව හමුවූ බවත්, අනතුරුව  ඇයගේ නිවසට ගිය බවත්, ඔවුන් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මාධ්‍ය මගින් මේ පිළිබඳ තොරතුරු අනාවරණ වීමෙන් පසු 19 හැවිරිදි එක්දරු මව සහ 15 හැවිරිදි දැරිය අදාළ කාන්තාව එම නිවසින් පිටත්කර යවා තිබුණා.

ඇය 14 හැවිරිදි දැරිය ගම්පහ අඹගහලන්ද ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයට යවා තිබුණේ ඉන් අනතුරුවයි.

පසුව වැල්ලම්පිටිය පොලිසියට භාර වු පහලොස් හැවිරිදි දැරිය සහ ගම්පහ පොලිසියට භාර වු 14 දැරිය අත්අඩංගුවට ගත් අනෙක් කාන්තාව සමග ඔවුන් මෙහෙකාර සේවයේ යොදවා තිබු බවට පැවසෙන 84 හැවිරිදි කාන්තාවගේ නිවසට රැගෙනවිත් තිබෙනවා.  

දැරියන් දෙදෙනාගේ මව්වරුන් ඔවුන් හමුවීමෙන් පසු හිරු ප්‍රවෘත්ති අංශයට සිය දරුවන් සොයාගැනීම සඳහා දායකවීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය තවදුරටත් විමර්ශණය කරන අතර 14 හැවිරිදි දැරිය මෙහෙකාර සේවය සදහා භාර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂණ ක්‍රියාත්මකයි.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories