කනට ගැසූ දළුවත්ත, අද මානව හිමිකම් කොමිසමට

Thursday, 19 October 2017 - 10:11

%E0%B6%9A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96+%E0%B6%AF%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%2C+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
ඒකාබද්ධ විපක්ෂය පසුගිය 6 වන දා හම්බන්තොට පැවැත්වූ උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් තරුණයෙකුගේ කනට ගැසූ තංගල්ල හිටපු සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්තට අද මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

මෙම තරුණයාට කනට ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම විමර්ශනයක් සිදුකරන බැවින් සහකාර පොලිස් අධිකාරීවරයාට අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි එහි කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කළේ.

මෙම සිද්ධිය මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමඟ සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මාතර කොට්ඨාශය වෙත මාරු කර යැවුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොමිසම ද පරීක්ෂණයක් පවත්වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories