වරකාපොළ රෝහලේ ගොඩනැගිල්ලක සිව් වන මහලෙන් වැටී රෝගියෙකු මරුට

Thursday, 19 October 2017 - 11:23

%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කෑගල්ල - වරකාපොළ මූලික රෝහලේ ගොඩනැගිල්ලක සිව් වන මහලෙන් බිමට වැටී රෝගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම පුද්ගලයා අම්ල පිත්ත රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට ඇතුළත්ව ඇත්තේ පෙරේදා දිනයේදීයි.

පසුව අද අලූයම මොහු මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී රෝහලේ සිව් වන මහලෙන් බිමට ඇද වැටී තිබෙනවා.

ඉන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ප්‍රකාශයෙකු සඳහන් කළේ.

මොහු 36 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු වන අතර, සිව් වන මහලෙන් බිමට ඇද වැටුණු ආකාරය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories