කොළොන්නාවේ දැරියන් අතුරුදන්වු සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

Thursday, 19 October 2017 - 18:15

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
කොළොන්නාව - සාලමුල්ල ප්‍රදේශයේ දැරියන් දෙදෙනෙකු සහ එක්දරු මවක් අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස්දෙනා ලබන මස පළවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

15 හැවිරිදි සහ 14 හැවිරිදි දැරියන් දෙදෙනා පරිවාස භාරයට පත්කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඞී.එම්.වැලිගොඩපිටිය අද (19) නියෝග කළේ.

අතුරුදන්ව සිටි අදාළ එක්දරු මව සහ දැරියන් දෙදෙනා ඊයේ (18) පොලීසියට භාර වුණා.

පසුව දැරියක, පොලිසියට රැගෙන ආ කාන්තාව, එක්දරු මව, 15 හැවිරිදි දැරියගේ පෙම්වතා, 14 හැවිරිදි දැරිය මෙහෙකාර සේවය සදහා රැගෙන ගිය පුද්ගලයෙකු සහ අදාළ නිවසේ කාන්තාව පොලීසිය අත්අඩංගුවට ගත්තා.

මෙම එක්දරු මව සහ දැරියන් අතුරුදන් වූයේ පසුගිය සෙනසුරාදා සිටයි.

ඒ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය සහ ග්‍රෑන්ඞ්පාස් පොලිස් ස්්ථාන වෙත ඥාතීන් පැමිණිලි කළ අතර ඒ පිළිබද තොරතුරු ලබාදීම සදහා ඔවුන් දුරකථන අංකද ලබා දුන්නා.

හෝකන්දර ප්‍රදේශයේදී එම තරුණියන් ආහාර ලබා ගැනීම සදහා වෙලදසැලකට යනු දුටු බවට පෙරේදා දහවල් එම අංකයකට පුද්ගලයෙකු ඇමතුමක් ලබා දී තිබුණා.

ඒ අනුව ඥාතින් පොලිසියටද දැනුම්දී එම ප්‍රදේශයට ගොස් තිබුණේ අතුරුදන්වූ තුන්දෙනා පිළිබදව සොයා බැලිමේ අරමුණින්.

පෙරේදා රාත්‍රිය වන තෙක් එම ස්ථානයට පොලිසිය නොපැමිණීම හේතුවෙන් තරුණියන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසින් අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ඒ අතරතුර අතුරුදන්ව සිටි පහලොස් හැවිරිදි දැරියගේ පෙම්වතා බව කියන 17 හැවිරිදි තරුණයෙකුගෙන් වැල්ලම්පිටිය පොලිසිය එදින රාත්‍රියේ ප්‍රශ්න කර තිබුණා.

කෙසේ වෙතත්, අතුරුදන්ව සිටි 19 හැවිරිදි එක්දරු මව සහ පහලොස් හැවිරිදි දැරිය ඊයේ පෙරවරුවේ වැල්ලම්පිටිය පොලිසියට පැමිණ භාර වුණා.

එම අවස්ථාව වනවිට 14 හැවිරිදි අනෙක් දැරිය පිළිබඳ තොරතුරක් වාර්තාවී නොතිබුණු නමුත්, ඊට පැය කිහිපයකට පසු ඇය තවත් කාන්තාවක් සමග පැමිණ ගම්පහ පොලීසියට භාර වී තිබුණා.

පසුව එක්දරු මව සහ 15 හැවිරිදි දැරියගේ පෙම්වතා මෙන්ම 14 හැවිරිදි දැරිය රදවා ගැනීමේ චෝදනාව මත අදාළ කාන්තාව ද පොලීසිය අත්අඩංගුවට ගත්තා.

පොලිස් භාරයට ගැනීමෙන් පසු ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ දෙමව්පියන්ගෙන් එල්ලවන හිරිහැර හේතුවෙන් තමන් ගම්පහ ප්‍රදේශයට පැමිණි බවයි.

එහිදී 14 හැවිරිදි දැරිය රඳවාගෙන සිටි කාන්තාව හමුවූ බවත්, අනතුරුව ඇයගේ නිවසට ගිය බවත්, ඔවුන් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මාධ්‍ය මගින් මේ පිළිබඳ තොරතුරු අනාවරණ වීමෙන් පසු 19 හැවිරිදි එක්දරු මව සහ 15 හැවිරිදි දැරිය අදාළ කාන්තාව එම නිවසින් පිටත්කර යවා තිබුණා.

ඇය 14 හැවිරිදි දැරිය ගම්පහ අඹගහලන්ද ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයට යවා තිබුණේ ඉන් අනතුරුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories