දුම්රිය වර්ජනය නවතී

Friday, 20 October 2017 - 15:00

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරින්ගේ වෘත්තීය සමිති සන්ධානයට අයත් දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ නියාමකවරුන් මෙලෙස වර්ජනයකට යාමටයි සැලසුම් කර තිබුණේ.

එහෙත් අද පෙරවරුවේ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සමඟ පැවති සාකඡාවකින් අනතුරුව, ජනාධිපති ලේකම්වරයා සහ අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කිරීමෙන් පසු අදාළ තීරණ වෘත්තීය සමිතිවලට දැනුම් දී තිබුණා.

ඒ අනුවයි වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් කටයුතු කළේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories