වැලිකඩ හංදියේ සිට බත්තරමුල්ල පාරේ විශේෂ රථ වාහන සැලැස්මක්

Friday, 20 October 2017 - 16:45

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B7%84%E0%B6%82%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වැලිකඩ හංදියේ සිට පාර්ලිමේන්තු මාර්ගයේ වාහන ගමනාගමනය හෙට සිට 23 වනදා දක්වා සීමා කෙරෙන බව පොලිසිය පවසනවා.

වැලිකඩ හංදියේ ගුවන් පාලමේ ඉදි කිරීම් කටයුතු මීට හේතුවයි.

පාලම ආරම්භ වන ස්ථානයේ සිට වාහන ගමනාගමනය සීමා කෙරෙන අතර විකල්ප මාර්ග ලෙසට කොටා පාර ඔස්සේ පාලම මගහරවා බුත්ගමුව මාර්ගයෙන් බත්තරමුල්ල දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය කියාසිටියේ.

ගුවන් පාලම මැදින් ගමන් කරනු ලබන අමතර මංතීරුවේ ගමනාගමනය ද ලබන 23 වනදා සිට පාලමේ වැඩ අවසන් වන තෙක් සීමා කර තිබෙනවා.

 23 වනදා සිට වැලිකඩ හංදියෙන් කොළඹට ඇතුලුවීම සහ පිටවීම මංතීරු දෙකකට සීමා කරන අතර මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන අවහිරතාවක් ඇතිවිය හැකි බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග ලෙසට පරණ කොටා පාර ඔස්සේ පැමිණ වැලිකඩ හංදියේ සිට බුත්ගමුව දක්වා දිවෙන මාර්ගය ඔස්සේ බත්තරමුල්ල දෙසට ගමන් කළ හැකියි.

පොලිසිය කියාසිටියේ බුත්ගමුව මාර්ගයේ දැනට එක් දිශාවකට පමණක් වාහන ගමන් කරන අතර එය දිශාවන් දෙකටම ගමන් කිරීමේ පහසුකම් මේවන විට සලසා ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories